සමනළවැව වතුර නැතිව මෙන්න මෙහෙමයි වැළෙපෙන්නෙ
නිසලයි මුලු ලොව අවදි වූ, දෙනෙත් විමසයි සිතුවිලි සසලයි බලාපොරොත්තුව විල්ලුද පලසයට මුතු ඇතිරිල්ලක ගොනුවිය එක් මොහොතකට. තවත් එක්නැවුම්.. උදෑසනක් උදෙසා.... .
Wednesday, August 31, 2011
Wednesday, May 4, 2011
Tuesday, May 3, 2011
විභාග අවසානයේ විවාහය
විභාග අවසානයේ විවාහය
විභාගය අවසන් වෙලා විවාහය ගැන සිත යොමුකරන දරුවා සාරවත් දරුවෙකි ඇය දක්ෂ බිරිදක් වනු නිසැකය ඇය සාරවත් විශිෂ්ඨ බිරිදක් වෙනු නිසැකය ඇය පේමය හදුනාගන්නේ ව්භාගය අවසන් වුවාට පසුවය විභාගය සාර්තකව අවසන්කරන ඇය බෙහෝ පොත්පත් කියවා සමාජයේ නැගිටිම වැටිම ගැටුම හෙර මැර ජාවාරම හොද නරක උපත විපත සැපත ආදි සියල්ල අවබෝධ කරගෙන අත්දැකිමි බහුල සරු දරුවතු බවට පත්වි හමාරය
අැය දුක හදුනයි දුකනොහදුනන පුද්ගලයා උත්සාහය තුලින්මයි උත්පාදනය කියන උතුමි ධර්මාවබෝධ රසය නොහදුනන අයෙකි
විභාගය අවසන් වෙලා විවාහය ගැන සිත යොමුකරන දරුවා සාරවත් දරුවෙකි ඇය දක්ෂ බිරිදක් වනු නිසැකය ඇය සාරවත් විශිෂ්ඨ බිරිදක් වෙනු නිසැකය ඇය පේමය හදුනාගන්නේ ව්භාගය අවසන් වුවාට පසුවය විභාගය සාර්තකව අවසන්කරන ඇය බෙහෝ පොත්පත් කියවා සමාජයේ නැගිටිම වැටිම ගැටුම හෙර මැර ජාවාරම හොද නරක උපත විපත සැපත ආදි සියල්ල අවබෝධ කරගෙන අත්දැකිමි බහුල සරු දරුවතු බවට පත්වි හමාරය
අැය දුක හදුනයි දුකනොහදුනන පුද්ගලයා උත්සාහය තුලින්මයි උත්පාදනය කියන උතුමි ධර්මාවබෝධ රසය නොහදුනන අයෙකි
Saturday, April 30, 2011
මාතු පාදන් නමාමි
අදුරු කුටියෙ මූසලකම,
ලාටු බැද හද තෙරපි
සීතල බිම සැතපෙන විට අම්මෙ ඔබ මගෙ මතකෙට
tන්න tපා,
අැගිලි තුඩට ඉදිකටු වැදමහ හඩ දී ......
සිහිසුන් වි
මා බිම අැදගෙන විට
අම්මෙ ඔබ මගෙ මතකෙට
tන්න tපා
ලේ සුවදින් උණුසුම් වී......කුස ගින්දර නිවනා විට
අලුත් මුහුණු
tකතු වේවි
මරණය ජන ෙකාදුරන විට අම්මෙ ඔබ මගෙ මතකෙට
tන්න
tපා......
Friday, April 29, 2011
මෙන්න අපේ සිංහල කෑම
අප දේශීය ආහාර පිළිබඳ විමසිලිමත් වූ ප්රරමාණය අනුව අපට අනන්යත වූ ආහාර ද්රතව්යස තිබී ඇති බවත්, දැනටමත් රටේ සමහර ප්ර දේශවල එම ආහාර පිළියෙල කරන බවත් අපට දැකගත හැකි විය. එසේම සමහර පුද්ගලයන් එම ආහාර ද්රරව්යවයන් සුරැකීම සඳහා කටයුතු කරන අයුරු ද අපට දැකගත හැකි විය. මෙහිදී අප පළමුවෙන්ම සඳහන් කරන්නේ එම කටයුත්තේ නිරත වී සිටින බදුල්ල ජෛව විවිධත්ව මධ්ය ස්‌ථානය පිළිබඳවය. එම සංවිධානයේ ප්රඑධාන සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන්නේ එස්. අත්තනායක මහතාය.
අත්තනායක මහතා අප හා සඳහන් කළ ආකාරයට කුරහන් තලප පමණක් නොව කුරක්‌කන්වලින්ම නිෂ්පාදනය කරන දෝසි මෙන්ම කොණ්‌ඩ කැවුම්, කී රොටි, පුස්‌නාම්බු, උදුවැල්, කලුපොල් මාලුව, බිලිං බැඳුම, මිශ්රන එළවළු ආනම, ඌවේ හත්මාළුව, තැම්බුම් හොද්ද රෑ කායම් හොද්ද, ඔඩිතාලම් ලුණුමිරිස, කොල්ලු ආනම ඇතුළු ද්රනව්යවයන්ට අපට හිමිකම් කිව හැක.
ඒ පිළිබඳ වැඩිදුරටත් සඳහන් කිරීමට මත්තෙන් එම ආහාර ද්රැව්ය,යන් පිළියෙල කරගන්නා ආකාරය සලකා බලමු.කොණ්‌ඩ කැවම්
අවශ්‍යය දෑ
හාලිපිටි 500 ට
සීනි 100 ට
පැණි බෝතල් 1/2
තම්බා ගන්නා ලද පාන් පිටි ස්‌වල්පයක්
සාදා ගන්නා ආකාරය
හාල්පිටි, පාන් පිටි, සීනි, පැණි, ලුණු ස්‌වල්පයක් එක් කොට තරමක් ඝන වන සේ සකසා ගන්න. රත් කරන ලද තෙල්වලට පිටි ස්‌වල්පයක් බැගින් දමා කැටවී ගෙන එන විට එහි මැද ඉරටුවකින් සිදුරු කර මැද පිටි ටික මුදුනට කොණ්‌ඩයක් සේ එන්නට සලස්‌වන්න. ඉරටුව කරකවමින් තෙල් ඉසින විට කොණ්‌ඩය මුදුනට එනු ඇත.
කීරි රොටී
අවශ්‍යය දෑහාල් සේරු 1 1/2
පොල් ගෙඩි 2
සීනි 500 ට
කරදමුංගු කුරුඳු පොතු
වැනිලා ස්‌වල්පයක්
ආප්ප සෝඩා තේ හැඳි 1
ලුණු
සාදා ගන්නා ආකාරය
පළමුව හාල් සේරුවක පිටි ගෙන ආප්ප සෝඩා හා ලුණු දමා පිටි (ආප්පවලට මෙන්) අනාගන්න. මෙය පැය 06 ක් පමණ වේලාවක් පිපෙන්නට තබා පසුව පොල්ගෙඩියක කිරි දමා පදමට අනාගන්න. ඉන් පසු තාච්චුව ලිප තබා ආප්ප සාදාගන්න.
කිරි පැමිණි මිශ්‍රණය
පොල්ගෙඩියක කිරි මිරිකා එයට හාල් පිටි, සීනි, ලුණු, කරදමුංගු, කුරුඳු, වැනිලා ආදිය දමා උකු මිශ්රාණයක් හදන්න. එයට කලින් සාදා ගත් ආප්ප දමා මඳ වේලාවක් තබා ආහාරයට ගන්න.
පුස්‌නාම්බු
අවශ්‍යය දෑඉරිඟු පිටි 250
හාල් පිටි 100 ට
කිතුල් පැණි
දවසක් පරණ පොල් වතුර ටිකක්
ඉදුණු ආනමාලු කෙසෙල්ගෙඩියක්
ලුණු
සාදා ගන්නා ආකාරය -
අඹරා ගත් ඉරිඟු පිටි හා හාල් පිටිවලට පැණි අවශ්යම පමණ ද, පොල් වතුර මේස හැඳි 2 ක් පමණ ද හොඳින් පොඩි කරගත් කෙසෙල් ද දමා මිශ්රි කර ලුණු ස්‌වල්පයක් දමන්න. ආප්ප පදමට මිශ්ර ණය සාදා පැය 06 ක් 08 ක් පමණ වසා තබන්න. (රාත්රිටයේ සෑදු මිශ්රමණය උදේ පාවිච්චි කළ හැක) උදේ කඩපිම්ම බැඳ වළඳක් ලිප තබා මිශ්රසණයෙන් කෝප්ප 1/2 ක් පමණ තම්බා ගන්න. (කඩපිම්මට කෙසෙල් කොළයක් අතුරන්න) හොදින් තැම්බී මුදුන පුපුරන විට බිමට ගන්න. මෙසේ එකින් එක තම්බා ගන්න.
උඳු වැල්
අවශ්‍යය දෑ
උඳු 500 ට
හාල්පිටි 250
ලුණු සෑහෙන පමණ
පොල් කිරි ස්‌වල්පයක්
ආනමාලු කෙසෙල්ගෙඩියක්
කිතුල් පැණි
සාදා ගන්නා ආකාරය
උඳු පැය කිහිපයක් පෙගෙන්නට හරින්න. ඉන්පසු හොඳින් අඹරා ගත් උඳුවලට හාල්පිටි, ලුණු, පොල්කිරි හා ආනමාලුගෙඩිය ද එකතු කර ආප්පවලට යොදා ගන්න. පදමට සාදා ගන්න. ඝන රෙදි කැබැල්ලක බොත්තම් කාසයක් මසා ඒ මතට සාදා ගත් පිටි මිශ්ර්ණය ටික ටික දමා රත් වූ තෙලට රවුමට වත් කරන්න. රන්වන් පැහැය වන තෙක් බැඳ ගන්න. උණු කර නිවා ගත් පැණි බඳුනට දමා පැණි උරා ගත් පසු පිටතට කෑමට ගන්න.
කලූපොල් මාලූව
අවශ්‍යය දෑ
තම්බාගත් කොස් ඇට කෝප්ප 1 ක්
බැදපු මිරිස් කුඩු
බැදපු තුනපහ කුඩු
පොල් කිරි කෝප්ප 2 ක් පමණ
තක්‌කාලි
කහ
සුදු ලූනු
රතු ලූනු
අමු මිරිස්, කරපිංචා, රම්පේ
සාදාගන්නා ආකාරය
කොස් ඇට සෝදා හොඳට පොඩිවන සේ තම්බාගන්න. (අලුත් කොස් ඇට) ඉන් පසු බැදපු මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, කහ ආදිය මිශ්ර කරන්න. එයට ලූනු, අමු මිරිස්, කරපිංචා, තක්‌කාලි, කුරුඳු ආදිය එක් කරන්න. ඉන් පසු තෙල් රත්වන්නට හැර එයට රම්පේ, අබ ආදිය දමා රත්වූ පසු මිශ්ර ණය ද දමන්න. තැම්බීගෙන එන විට පොල් හා හාල් බැඳ හොඳට අඹරා එය ද එක් කරන්න. ඉන් පසු පොල් කිරි කෝප්ප 2 ක් එක්‌කර හොඳින් උතුරා ලිපෙන් බා කෑමට ගන්න.
බිලිං බැඳුම
අවශ්‍යය දෑ
තරමක් පැසුණු බිලිං ගෙඩි 25
රතු ලූනු 150 ට
උම්බකඩ කුඩු මේස හැඳි 2
බැදපු මිරිස් මේස හැඳි 2
බැඳපු තුනපහ සුවඳ කුඩු මේස හැඳි 1
කරපිංචා
රම්පෙ
පොල්තෙල් ස්‌වල්පයක්
ලුණුඅවශ්‍යය තරමට
සුදු ලූනු බික් 2 ක්
සාදන ක්‍රමය -
බිලිං සෝදා සිහින්ව දිග අතට සහ හරහට තීරු මෙන් සිහින්ව ලියාගන්න. ලුණු දමා මිරිකා ගන්න. නැවත වතුරෙන් සෝදා ගන්න. දිය හොඳින් මිරිකා හරින්න. තාච්චියකට තෙල් ස්‌වල්පයක් දමා ලිප තබන්න. රත්වන විට රම්පෙ කරපිංචා අඹරන ලද සුදු ලූනු එකතු කරන්න. සුවඳ දැනෙන විට උම්බලකඩ කුඩු ද එක් කරන්න. බැඳපු මිරිස් හා තුනපහ ද කවලම් කරන ලද බිලිං කැබලි ද එයට දමා මිශ්ර් කරගන්න. අවශ්යර පදමට ලුණු ද දමන්න. දියර ගතිය සිඳී ගිය පසු ලිපෙන් ඉවත් කරගන්න.
මිශ්‍ර එළවළු ආනම
අවශ්‍යය දෑමෑ කරල්, මුං ඇට, ගැට කරවිල
කොස්‌ඇට, වට්‌ටක්‌කා, බණ්‌ඩක්‌කා
ලීමා කොළ
පොල් තෙල්
මිරිස්, තුන පහ, කහ, රතුලූනු, සුදු ලූනු
රම්පේ, කරපිංචා, තක්‌කාලි
උම්බලකඩ
ලුණු
සාදා ගන්නා ආකාරය -
එළවළු වර්ග සියල්ල සෝදා කපා හට්‌ටියකට දමා සියලුම ද්රබව්යස මිශ්රර කර වතුර දමා හොඳින් තම්බන්න. එයට කුරක්‌කන් පිටි මේස හැන්දක් දමා උයාගන්න. පසුව තෙම්පරාදු කර ගන්න.
ඌවේ හත්මාලුව
අවශ්‍යය දෑඅල වර්ග - කොහාල, බතල
ගෙඩි වර්ග - වට්‌ටක්‌කා, අළු කෙසෙල්
මල් වර්ග - කතුරුමුරුංගා, වට්‌ටක්‌කා
කොළ වර්ග - මුකුණුවැන්න, සාරණ, කූර, තම්පලා
කරල් වර්ග - දඹල, මෑ, බෝංචි
ඇට වර්ග - ලීමෑ, කොස් ඇට
දළු වර්ග - මෑ දලු, වට්‌ටක්‌කා දලු, චච් දලු
තුනපහ, ලුණු, රතුලූනු, අමුමිරිස්, කරපිංචා, පොල් කිරි
සාදා ගන්නා ආකාරය
කොස් ඇට තලා පොතු ඉවත් කර ගන්න. අනෙකුත් ද්‍රව්‍යයද කුඩාවට කපා ගන්න. තැම්බීමට වෙලා ගන්නා කොස් ඇට පළමුව වතුර ස්‌වල්පයක් දමා ලිප තබා ගන්න. (දිය කිරි වුවද භාවිත කළ හැක) ඉන් පසු ඉතිරි සියල්ලම ද තුනපහ, ලුණු, රතු ලූනු, අමුමිරිස් කපා එය ද කරපිංචා ද එකතු කර ගන්න. මේ සියල්ලම තැම්බීම සඳහා දියකිරි හෝ වතුර ස්‌වල්පයක් යෙදිය හැක. ඉන් පසු මිටි කිරි එකතු කර මඳ ගින්නේ ලිප තබා ඉස්‌ම සිඳී යන්නේ නම් තෙත ගතිය ඇතිවන සේ උයාගන්න. ලිපෙන් බා කුළු බඩු (රම්පෙ, කරපිංචා, කුරුඳු, එනසාල්, කරාබු නැටි කබලේ බැද වංගෙඩියේ කොටා සකසා ගත් මිශ්රිණය) ස්‌වල්පයක් හත් මාළුවට උඩින් ඉස ගන්න පෝෂණ ගුණය සලකා තෙම්පරාදු නොකර සිටීම වඩා හොඳයි.
තැම්බුම් හොද්ද රෑ කායම් හොද්ද
අවශ්‍යය දෑවියළි මිරිස් කරල් 2
ගම්මිරිස් ඇට කිහිපයක්
සුදුලූනු කරපිංචා
සූදුරු කොත්තමල්ලි ස්‌වල්පයක්
උම්බලකඩ රතු ලූනු
ගොරකා බික් 2 ක් 3 ක්
ලුණු
සාදා ගන්නා ආකාරය
මිරිස්, ගම්මිරිස්, සුදුලූනු, කරපිංචා, සූදුරු, කොත්තමල්ලි සියල්ල මිරිස් ගලේ අඹරා රතු ලූනු, ලුණු, උම්බලකඩ හා ගොරකා දමා තම්බා ගන්න.
ඔඩිතාලම් ලූණු මිරිස
අවශ්‍යය දෑඔඩිතාලම් කොළ
මිරිස් කරල් කිහිපයක්
ගම්මිරිස් ඇට
ලුණු
දෙහි
සාදාගන්නා ආකාරය -
ඉහත සඳහන් ද්රරව්ය මිරිස් ගලේ හොඳින් අඹරා දෙහි ඇඹුල් මිශ්රර කරන්න
කොල්ලු ආනම
අවශ්‍යය දෑබැදපු කුඩු කරගත් කොල්ලු 100 ට
පොල් කිරි කෝප්ප 2
ලුණු මිරිස්, තුනපහ, කහ අවශ්‍යය පමණ
කුරුඳු පොතු, රම්පෙ කරපිංචා
සුදුලූනු, රතුලූනු, තක්‌කාලි
තෙල් ස්‌වල්පයක්
සාදා ගන්නා ආකාරය -
කොල්ලු තුනපහ, මිරිස්, කහ අවශ්‍යය ප්ර්මාණයට හට්‌ටියකට දමන්න. එයටම කපාගත් කුරුඳු පොතු, රම්පේ, කරපිංචා, සුදුලූනු, රතු ලූනු, තක්‌කාලි දමා පොල්කිරි ද මිශ්රන කර මඳ ගින්නේ උයන්න. හොඳින් තැම්බුණු පසු තෙම්පරාදු කර ගන්න.
කුරක්‌කන් තලප
කුරක්‌කන් පිටි 250 ට
ලුණු ස්‌වල්පයක්
අවශ්‍යය පමණ වතුර
සාදා ගන්නා ආකාරය
මැටි හට්‌ටියකට වතුර ලිප තබා උතුර වන්න. එම වතුරවලින් කොටසක් ඉවත් කර ඉතිරි වතුරවලට කුරක්‌කන් පිටි ටික දමා හැඳි ගාන්න. එය තලපයක් සේ සැදෙන විට ඉවතට ගත් වතුර ස්‌වල්පය බැගින් දමමින් හොඳින් හැඳි ගාන්න. තලප පදම එන විට ලිපෙන් ඉවත් කර කුඩා අඩි වළඳක වතුර තවරා තලපයෙන් හැන්දක් දමා කරකවා බෝලයක් ආකාරයට සකස් කරගන්න. එසේ නොමැති නම් තැටියකට වතුර තවරා කෙසෙල් කොළයක් ගෙන බෝලයක් සේ සාදා ගන්න.
Thursday, April 28, 2011
ලංකාවේ දිය ඇලි
ලංකාවේ දිය ඇලි
දියළුම ඇල්ල ලංකාවේ ඇති උසින් දෙවන තැන ගන්නා දිය ඇල්ලවේ. උස මීටර් 220කි.බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මෙම ඇල්ල හා සබැඳි ජනප්‍රවාද කිහිපයකි.ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පෙම් පුවත ඉන් ප්‍රධාන වේ.
ලක්ෂපාන ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 125කි.සමනළ කන්දෙන් ඇරඹී කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි.දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත.එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ.
බඹර කන්ද
බදුල්ල දිස්ත්රිරක්කයේ පිහිටා ඇත.මීටර් 63 පමණ උසය.බඹර කන්ද ඇල්ල මෙය ශ්රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දියඇල්ලයි.උස මීටර් 265කි.නුවරඑළිය දිස්ත්රිුක්කයේ පිහිටා ඇත.කොළඹ - බණ්ඩාරවෙළ පාරේ සිට සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇතබඹර කන්ද ඇල්ල.
ඒල්ජින් ඇල්ල
නුවරඑළිය දිස්ත්රිලක්කයට අයත් උස මීටර් 25කි.දඹගස්තලාව ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඒල්ජින් නම ලැබුනේ අසල තේ වත්තක නම හෙයිනි.තලවකැලේ බදුල්ල දුමිරිය මාර්ගයේ යන විට මේ ඇල්ල දර්ශනය වේ .
ගැරඬි ඇල්ල
රත්තනපුර දිස්ත්රිතක්කයේ පිහිටා ඇත.උස මීටර් 46කි.ජලය හිඟ කාලයට දුර සිට බැලුවිට මේ ඇල්ල පෙනේන්නේ බෑවුම් ගල් තලාවක් දිගේ පහළට බහින ගැරඬියෙකු ලෙසනි.
නානු ඔය ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 60ක් පමණි.නානු ඔයන් මෙම දිය ඇල්ල නිර්මාණය වේ. මෙහි විශේෂත්වය නම් හෙල්මළු හෙවත් ලියදි සහිත බෑවුමක් ඔස්සේ ගලාහැලෙන බැවිනි.
යකා ඇඬු ඇල්ල
නුවරඑළිය දිස්ත්රිලක්කයේ පිහිටා ඇත මීටර් 61ක් පමණ උසය.බුදුන්වහන්සේ ශ්‍රි පාද ලාංඡනය පිහිටු විම සඳහා සමනල කන්දට වැඩි අවස්ථාවේ මේ ජල දහරාව ඇරඹෙන ස්ථානයේ මිත්්‍යා දෘෂ්ටික යක්ෂයෙක් අසතුටට පත්ව හඬාවැටුනු නිසා ඊට මෙම නම ලැබි ඇත.
නවරත්තන ඇල්ල
බදුල්ල දිස්ත්රිේක්කයට අයත් වේ .උස මීටර් 110කි.වෙලන්ගල්ල නමින් හැඳින්වෙන කන්දෙන් ආරම්භ වී මහවැලි ගඟට එක්වෙන හසළක ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.මේ ඇල්ලට මෙම නම ලැබි ඇත්තේ මැණික් වර්ග නවයක් සහිත රන් සෙම්බු කිහිපයක් ඇතුළත් පැරණි රාජනිධානයක් මේ ඇල්ල අසළ ඇතැයි යන විශ්වාසය නිසයි.
මාපනාන ඇල්ල
රත්තනපුර දිස්ත්රිැක්කයේ පිහිටා ඇත එළිඔයෙන් මෙම ඇල්ල නිර්මාණය කරයි.ඇල්ල හාත්පස මාපනාන ,මාවනාන යන නම් වලින් විශාල තේ වතු යායක් ඇත.
කුරුදු ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත .උස මීටර් 206කි.කුරුදු ඔයෙන් නිර්මාණය වේ.නුවරඑළිය නගරෙයේ සිට කිලෝමීටර් 30
Tuesday, April 26, 2011
ලංකාවේ ජාතික උද්‍යාන
සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක්වී ඇති අතර යුනෙස්කෝව විසින්ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවිය ලෙසට නම් කොට ඇත.
ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන්නාවු මෙම නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසුම් අපහසුතාවය හේතුවෙන් වාණිජකරණයට ලක්වීමෙන් ආරක්ෂා විය. මෙය 1978 වසරේදී ජෛවගෝල රක්ෂිතයක් ලෙසද, 1988 වසරේදී ලෝක උරුමයක් ලෙසද නම් කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. රක්ෂිතෙය් “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් දේ.
රක්ෂිතයේ නැගෙනහිර දෙස සිට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුවද
tය ශාක විශේෂ මෙන්ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහිදී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහිදී අැලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලවම දැකිය හැකි විශාලතම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනුයේ පක්ෂීන් බොහෝ විට ආහාර සොයා යාම සඳහා සාමූහික රංචු වශයෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීමයි. මෙවැනි රංචුවක් බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙසද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිතය.
සිංහරාජ රක්ෂිතය ශ්‍රී ලංකාව සතු ජාතික උද්‍යානයකි .tය සතුව ජාත්‍යන්තර වැදගත්කමක් පවතින අතරම ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් සහ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මගින්ද ප‍්‍රකාශයට පත්කර ඇත.ශ්‍රී ලංකාවේ පහත රට වැසි වනාන්තර කලාපයට අයත් කඳු සහිත වැසි වනාන්තරයක් වන මෙය සීඝ‍්‍ර ලෙස සිදුවන වාණිජකරනයෙන් සහ එහි අනිසි බලපෑම් වලින් ආරක්ෂා කරගනු වස් ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් ලෙස 1978 දීද ”සිංහරාජය” යන නමින් ලෝක උරුමයක් ලෙස 1988 දීද ප‍්‍රකාශයට පත් කරන ලදී.
මෙම වෙන්කල ප‍්‍රදේශය නැගෙනහිර දෙස සිට බටහිර දෙසට කිලෝමීටර 21 ක් පමනද උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම වශයෙන් කිලෝමීටර 7 ක් පමනද වන වපසරියකි. නමුත් ලංකාවට ආවේනික බොහෝමයක් ශාක, කෘමී, උභයජීවී, උරග, පක්ෂි සහ ක්ෂීරපායී විශේෂයන්ට මෙය සැඟවුනු නිධානයක් බඳුය.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අදික සහ ඝනව වැවුනු වෘක්ෂලතා ගහනය නිසාම ‘යාල’ වැනි අනෙකුත් වියලි කලාපීය ජාතික වන උද්‍යාන වල දැකිය හැකි තරමේ සත්ව ගහනයක් පහසුවෙන් දැකගත නොහැකි වීමය. ‘අලි’ වැනි විශාල ක්ෂීරපායී සතුන් මෙහි දක්නට නොලැබෙන අතර ‘දිවියන්’ 15 ක් පමන කලාතුරකින් දැකගත හැක. එසේම මෙහි බහුලවම දැකිය හැකි ක්ෂීරපායී සත්වයකු ලෙස ලංකාවට ආවේණික සත්ව විශේෂයක්ද වන දම් මුහුනැති රිලවා හැඳින්විය හැක.
යාල ජාතික උද්‍යානය
ශ්‍රි ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යායන දෙකෙන් එකකි. යාල වානෝ්‍යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්‍රකටම වනෝ්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ශ්‍රි ලංකාවෙ මෙම වනෝද්‍යනනය ඉතා හොදින් ප්‍රකටව පවති. යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්යය ජාතිකයන්ගේ දඩයම් බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් උසස් කරන ලදි. පසුව ඉතිරි කලාප හතර ද යාල වානෝද්්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත්කරනු ලැබිය. උද්‍යානය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක් ද වෙයි.
යාල ජාතික උද්‍යානය ශ්‍රි ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානයයි. එය රෙට් ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. උද්යාදනය කොළඹ සිට එනම් ශ්‍රි ලංකාවේ අග නගරයේ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇත. යාල ශ්‍රිට ලංකාවේ ඌව සහ දකුණු නම් වූ පළාත් දෙකකට අයත් වේ. උද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.
යාල වනෝද්‍යා නයේ වෙරළ බඩ නැගී සිටින ගල් කුලක්
යාල ජාතික වනෝද්‍යානය ශ්‍රි ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි පරිමාණයක පැතිර ඇති පර ප්‍රධානම ජාතික වනෝද්‍යානයකි.ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්ෂිතය වර්ග ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි.
රක්ෂිතයෙන් වැඩිපරවර ප්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතින මුත් මෙය වනභූමි වෙරලාශ්‍රිත ප්‍රදෙසකි දේශීය, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ පර. භමාණයකට වාස භූමිය සපයයි.
යාල රක්ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාත්‍රි වයේ හැසිරෙන විශාල ප්‍රමාණයේ මාංශභක්ශක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල පරරී මාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්යාකනයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.
2004 දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි උවදුරින් වනජීවී සංරක්ෂගණ මධ්ය ස්ථානය සහ සංරාචක බංගලාව විනාශ වී ගිය අතර ජීවිත හානිද සිදු විය.සිදු වූ ජීවිත හානි අතර සංරාචක බංගලාවේ සේවකයින් සහ විදේශිකයින්ද වූහ. මෙහිදී සත්ව ජීවිත විශාල වශයෙන් විනාශ නොවීමට හේතුව සුනාමි රළ පැමිණෙන බවට සංවේදන ගරින්හණය කර ගත් සත්වයින් උස් භූමි පෙදෙස් වලට පලා යාමයි.පසුව යාල වනෝද්‍යයා නය නැවත විවෘත කරනු ලැබීය.
ජාතික නාමල් උයනදඹුල්ල ගල්කිරියාගම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘතය ක්‍රිස්තු පුර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි.
අනුරාධපුර යුගයේ පෞරාණික නටඹුන් රුසක් පවතින මෙහි බෝධිඝර,පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදියෙන් සමන්විතයි. වසර කෝටි 50ක් පැරණි ශාක පොසිල රැසක් හා වසර 2000ක් පමණ පැරණි ඉතිහාසයකින් නාමල් උයන සතුය.ක්රියස්තු වර්ෂ 924 දී ශ්‍රි ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වු අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල
මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් වේ.නා මලඅක්කර 760 කින් සමන්විත ජාතික නාමල් උයනේ පරිසර
පද්ධති රැසක් දක්නට ලැබෙයි.ශ්‍රි ලංකාවේ එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇති ස්ථානයද මෙය වේ.මෙහි ප්‍රමුඛතම ශාකය නා වන අතර බටු නා, දිය නා ආදි විශේෂයන්ද ඇත.
ශ්‍රි ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කළ නාගසට අමතරව නාමල් උයන තුළ හල්මිල්ල ,කළුවර ,මිල්ල ආදි ශාක රැසක්ද දක්නට ලැබෙයි.අපේ රටට ආවේනිකවු හා ආවේනික නොවු පක්ෂි වර්ග 18ක් ඇති බවත් ඖෂධීය ශාක විශේෂ 72ක් කෘමි විශේෂ 75ක් ඇති බවත් පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.
පුරා විද්‍යාක රක්ෂිතයක්ද වන නාමල් උයන කරුණු 5ක් යටතේ පුරා විද්‍යාත්මක අතින් වැදගත් වේ.ජාතික නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන රෝස තිරිවාන නිධියක්ද පවති.මෙය දකුණු ආසියාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ලෙසද හැදින්වේ.තිරිවාන නිධිය තුළ "ආගනේය "නම් පාෂාණ විශේෂය ඇති බවත් පර්යේෂණ මගින් සනාථ කරගෙන ඇත.
පුරා විද්‍යායාතගවේෂකයෙකු වන බන්දු වීරවර්ධන මහතා 2002 ජනවාරි මස දී වසර කෝටි 25ක් පැරණි ශාක පොසිල ඇති බව ජාතික නාමල් උයනේ තුළ කළ පර්යේෂණ වලින් තහවරු කර ගෙන ඇත. ඔහුගේ නිගමනයට අනුව මෙහි අක්කර 20ක භුමි භාගයක පොසිල විසිර තිබේ.පුරා විද්යාතත්මක අධ්‍යාපනික හා පාරිසරික වටිනාකමකිකන් යුතු ජාතික නාමල් උයනේ සුවිශේෂ පස් වර්ග 3 ක්ද ඇති බව පර්යේෂණ වලින් තහවරු වී ඇත.
නාමල් උයනේ අසිරිය වැඩි කරනුයේ රෝස තිරිවාන නිධිය නිසාය.මෙය අක්කර 250ක් පමණ පෙදෙසක විසිර ඇත.පුරා විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව රෝස තිරිවාන වලින් නිපැයු පබළු හමුවී ඇති අතර මෝගල් අධිරාජ්යයාගේ පෙමිවතිය සිහිවීම සඳහා ඉදි කළ ටජ් මහල් මන්දිරයේ ජනේල අලංකාර කිරිමටද රෝස තිරිවාන යොදාගෙන ඇති බව සනාථ වී ඇත. පරිගණක අමතර කොටස් සඳහා හා වාහන වල වින්ඩිස්ක්රී න් සඳහාත් රෝස තිරිවාන යොදා ගැනේ.
සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන මේ වනවිට ජනාධිපති පරිසර සම්මානලාභී වනවාසී රාහුල හිමියන්ගේ භාරකාරත්වයෙන් පවතී.උන්වහන්සේ නාමල් උයන සංරක්ෂණය කර වීමට දක්වන මෙහෙය පරිසර හිතකාමීන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත.
කවුඩුල්ල ජාතික උද්‍යානය
භුම් ප්‍රමාණයෙන් 2/3 ක් මුළුමනින්ම පාහේ වසරේ මාස කිහිපයක් ජලයෙන් වටවී පවතින ශ්‍රි ලංකාවේ එකම ජාතික උද්‍යානය ලෙස කවුඩුල්ල ජාතික උද්‍යානය හැඳින්විය හැකිය. උද්‍යානය මෙම නමින් හැඳින්වීමට මූලික හේතුව වූයේ කවුඩුල්ල ජලාශය අගනා කුරැළු සම්පතක හිමිකාරීත්වය පිළිබඳ සුවිශේෂත්වයක් ලබන හෙයිනි. එසේම අලි, කිඔුලන් ඇතුළු සත්ව විශේෂ රාශියකට වාසස්ථාන සපයයි.
කවුඩුල්ල ජාතික උද්‍යායනය ආශ්‍රිතයද දැකුම්කළු කවුඩුල්ල ජලාශය රටේ කෘෂිකර්මය පදනම් කරගත් සංස්කෘතික සම්ප්‍රදාය සහ එහි ස්වාභාවික සම්පත් එකට සම්මිශ්‍රණය වු ශ්‍රි ලංකාවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයෙහි ගෞරවනීය අංගයකි. අක්කර අඩි 104,000 ධාරිතාවයකින් යුතු කවුඩුල්ල ජලාශය ක්‍රි.ව 3 වන සියවසේදී ඉදිකරනු ලැබූ කීර්තිමත් මහසෙන් රජුගේ සොහොයුරියක් විසින් ඉදිකර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
විශාල සහ පුළුල්ව පැතිරුණ ජල පෝෂක ප්‍රදේශයක් මෙම ජලාශය සතුවන අතර සැලකිය යුතු අලි ගහණයක් සහ සාරවත් ජෛව විවිධත්වයක පැවැත්මට උපකාරී වේ. කවුඩුල්ල ජාතික උද්‍යානය උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර සිංහල පත්තුවේ මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ ෙප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අයත්ය. උතුරු දකුණු දිශාව ඔස්සේ විහිදී ඇති මීටර් 60-500 උසකින් යුතු කඳු පන්තිය උද්‍යානයේ බටහිර මායිමට යාබදව පිහිටා ඇත.කවුඩුල්ල ජලාශය සහ කටුපඳුරු සහිත ලඳු කැලෑව උද්‍යානයේ නැගෙනහිර දෙසට විහිදී ඇති අතර යෝධ ඇළ දකුණු මායිමේ සිට අතුරු මායිම දක්වා ගලා ගෙස් කන්තලෙන් ඔබ්බට ගමන් අරඔයි. උද්‍යානයට 1500 mm -2000 mm වාර්ශික වර්ෂාපතනයක් ලැබෙන අතර වැඩි වර්ෂාපතනයක් ලැබෙනුයේ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ඇදහැලෙන ඊසාන දිග මෝසමෙනි. මේ නිසා අප්‍රේල් සිට ඔක්තෝම්බර් දත්වා වියළි තාලගුණයත් පවති.කවුඩුල්ල ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ වියළි කාලාපයේ අලි විශාල රංචු වශයෙන් tක් රැස්වන වියළි කාලාපයේ හදවත බඳු වු අලින්ගේ වාසභුයේ ය.මේ නිසා කවුඩුල්ල ජාතික උද්‍යානය වසර පුරාම අලි ඇතුන් දැකබලා ගැනිමට හැකි ශ්‍රි ලංකාවේ අගනා ස්වභාවික වාසස්ථාන අතරින් ඵකක් වේ.ආහාර හා ඡලය පැවතිම නිසා කවුඩුල්ල ජාතික උද්‍යානය වසර පුරාම ව්ශේෂයෙන්ම වියළි කාලයේ අලි ඇතුන්ගේ වාසටයට මනා පරිසරයක් උදාතර දේ.
නානාවිද තෘණ ව්ශේෂ වලින් යුතු වු ද,තෙත් සමයේ මල්බර වන සාරවත් තුරුලතා, ගෝනා,තිත් මුවා, මීමින්නා සහ වල්ඌරා වැනි ශාක භක්ෂික සතුන් බොහොමයනට අනර්ඝ වාසස්ථාන සහ ආහාර සපයා දේ. එසේම දිවියන් සහ වලසුන් වැනි දුර්ලභ සතුන් මෙම උද්‍යානය තුළ දැකගත හැකිය.
කවුඩුල්ල ජාතික උද්‍යානයේ කිඹුලන් පහසුවෙන් දැකබලා ගත හැකි මෙම කලාපයේ පිහිටි වැදගත් ස්ථානයකි.උද්‍යානය තුළ ඒ හරහා ගමන් කරන පෞරාණික ඇළ මාර්ගයක් සහ කුඩා දූපත් සමූහයකින් යුතු අගනා දියපාරවල් කීපයක් පැවතීම තුළින් කවුඩුල්ල ජලාශය සහ ඊට යාබද තෙත් බිම් තුළ මනා ආකර්ශනයක් දැකගත හැකිය.මන්ද යත් විවිධත්වයෙන් අනූන දේශීය හා විදේශීය පක්ෂිය විශේෂ රාශියක් ඒ වෙත ඇදී ඒමයි. ඒ අතර දියකාවා,අළු කොකා,ලතුවැකියා සහ ආසියානු විවර තුඩුවා පහසුවෙන් දැකගත හැකිය.
උද්‍යානයේ පවතින ශාක ප්‍රජාව වියළි සදාහරිත වනාන්තර වලට අයත් වේ. කුඹුක්, පළු, වීර, මයිල සහ මාදම් වැනි ශාක දැකගත හැකිය.ඇළ මාර්ග සහ දිය පාරවල් දෙපස ඉවුරු නිල්වන් පරිණත ගංගා ආශ්රිවත වනාන්තර පෝෂණය කරයි.
හෙක්ටහාර 6900 න් යුතු කවුඩුල්ල ජාතික උද්‍යානය කළමනාකරණය කරනු ලබන්නේ වනඡිවි සංරක්ෂණ දෙපාර්තමෙන්තුව මඟනි.ඵය 2002 අප්රේලල් මස 01 වන දින ජාතික උද්‍යානයක් ලෙස නම්කර ඇති අතර වර්තමාතයේ ශ්‍රි ලංකාවේ රක්ෂිත ප්‍රරම දේශ ඡාලයට අයත් වැදගත් ප්‍රදේශයකි.එහි ඡෛව විවිධත්වය සහ ඡල විද්‍යාත්මක ලක්ෂණ සංරක්ෂණයේ මුලික අභිප්‍රාය විය. සත්ත්ව සහ ශාක සංරක්ෂදණය පනත යටතේ උද්‍යානය නම් කර ඇත.
Monday, April 25, 2011
සබකෝලය
මෙ බිය අසාධාරණ බොරු බියක්.මෙ බිය ජනක තත්වය නැති කරගන්න ප්‍රතිකාර තියනවා හරිම සරලයි ඉස්සරවෙලාම අපි ලෙෙඩ් හදුනා ගන්න ඕනෑ හොදට. වේදිකාවකට නගින්න තියන බියට ඉංග්‍රීසියෙන්
ගි්‍රසිෙයන් කියන්නේ ස්ටේජ් ෙෆා්බියා කියලයි.ඒ මානසික ෙරා්ගෙය් නම ස්ෙට්ජ් ෙෆා්බියා හෙවත් ෙව්දිකා බිය.අැත්තටම සබෙකා්ලය කියලා කියන්නෙත් ෙම් බයටමයි ෙම් ෙව්දිකාෙව් බිය තදට තියන අය මංගල ෙපා්වරැෙව්දි කලන්තෙ හැදිලා කඩාගෙන වැටෙනවා ඒතෙකාට ඒවට වෙනෙ වෙන කතා කියනවා ඒ හින්දා ඉදිරිපත් වීෙම් බිය මහා විනාශකාරි සාපරාදි බියක් මංගල ෙපා්වරැෙව්දි ෙදන්නාෙගන් ඒක්කෙනකුටබිය තිබිලා කලන්තෙ හැදිලා වැටුෙනාත් ඒ ෙමාෙහාතෙම අැය ගැන නරකචරිත සහතිකයක් මනුස්සෙයා දෙනවා. අවෙබා්ධයක් නැතිව කරන මෙ සිංහල ජන කතා නිසා මනාලයාෙග් හෝමනාලියෙග් ඒ මංගල යුග දිවිය ඒ තැනින් කැඩිලා පසු කාලෙක වෙන් වුන අවස්ථා පවා තිබෙනවා.
ශ්‍රි ලංකාවට ආයෙත් සුනාමි බලපායිද?
භූවිද්යාඅඥයින් පවසන පරිදි ආසියානු කලාපයෙන් භූ චලන පිළිබඳව අඩුවෙන්ම අසන්නට ලැබුණේ ශ්රීග ලංකාවෙනි.නමුත් එම කතාව කණපිට පෙරළමින් ලංකාව තුළ සහ ඒ අවට සිදුවන භූ චලන ප්ර්මාණය මෑතක සිට වැඩි වී ඇත.එමෙන්ම ලංකාවේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමිකම්පා කලාපය ආශ්රිකතව ඉදිරියේදී මහා පරිමාණ භූමිකම්පාවක් වුවද සිදු වීමේ අවදානම් තත්ත්වය වැඩි වී ඇති බව භූ විද්යාභඥයෝ අනතුරැ හඟවති.
මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා පවසන පරිදි ,, ඉන්දියානු සාගරයේ සිදු වී ඇති විශේෂිත භූකාරක ක්රිියා නිසා ලංකාව තුළත් ලංකාව අවට මුහුදු පතුලේත් විශාල පැලුම් ඇතිවී තිබෙනවා. ඉන්දියානු භූතලයේ උතුරු-දකුණු කොටස් අතර සම්පීඩනය හේතු කොටගෙන ලංකාව තුළ සහ ඊට පිටින් පිහිටි විභේද දිගේ චලනය වීමට උත්සාහ දරනවා. මෙහි ප්රකථිඵලයක් ලෙස ලංකාව තුළත් ඉන් පිටතත් භූමි චලන ඇති වෙනවා. ශ්රීද ලංකාවේ භූ කම්පන කලාපයක් ඇති වීමට හේතුවත් මෙයයි.,,
මේ මස 18 වැනි දින මහනුවර සිට 425km ක් දුරින් පිහිටි මුහුදු පතුලේ රිච්ටර් ඒකක 5.2 ක භූමි කම්පාවක් සිදු විය.මුහුදු පතුලේ සිට 37km ක් ගැඹුරින් මෙම භූමි කම්පාව ඇති වී තිබුණි. හන්තාන මුලික අධ්යමන ආයතනය සදහන් කරන පරිදි මෙම භූමි කම්පාව සිදු වී ඇත්තේද ලංකාවේ බටහිර සිට නැගෙනහිර දෙසට විහිදෙන භූමි කම්පා කලාපය ආශ්රිරතවයි.1980 දශකයෙන් පසු ලංකාව ආශ්රිසතව සිදු වු විශාලතම භූමි කම්පාව මෙය වේ.
රිච්ටර් ඒකක 3ට වඩා අඩු අගයක් ගනු ලබන භූමි කම්පා ක්ෂුද්රට භූමි කම්පා ලෙස හදුන්වනු ලබයි.ලංකාවේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමි කම්පා කලාපය ආශ්රිමතව, ලංකාව තුළ හෝ ලංකාව ආසන්නයේ මුහුදේ රිච්ටර් පරිමාණ පහක් හෝ හයක් විශාලැති භූමිකම්පාවක් සිදු වීමේ අවදානම් තත්වයක් පවතින බව මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා ප්රභකාශ කරයි.
රිච්ටර් ඒකක 5ක් හෝ 6ක් විශාලැති භූමි කම්පාවක් මෙරට භූමිය තුළ සිදු වුචහොත් ගොඩනැගිලිවලට බරපතල ලෙස හානිවීමේ අවදානම ඉතාමත් වැඩිය.එමෙන්ම,රිච්ටර් ඒකක 7 ට වැඩි භූමි කම්පාවක් ලංකාවේ බටහිර සිට නැගෙනහිර දෙසට විහිදෙන භූමි කම්පා කලාපය ආශ්රිවත මුහුදු කලාපයේ අඩු ගැඹුරකින් ඇති වුවහොත් ,,සුනාමි,, තත්වයක් ඇති වීමේ අවදානමක් පවතී.
කදුකර ප්රතදේශ ආශ්රිපතව රිච්ටර් පරිමාණ 5.5 ට වඩා විශාලත්වයකින් යුතු භූමි කම්පාවක් සිදු වුවහොත් කදුකරයේ ජලාශ පද්ධතිවලටද බරපතල ලෙස හානි සිදු විය හැකිය.මින් මිනිස් ජිවිතවලට හානි සිදු වීමේ අවදානම ඉතාමත් වැඩිය.2007 ජුනි මාසයේ දී භූචලන හතරක් සිදු වු තිස්සමහාරාමය ප්රවදේශය ආශ්රිභතව ද ,,ලුණුගම්වෙහෙර ජලාශය,, පිහිටා ඇත. එබැවින්, මෙම ජලාශය පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය.
භූමියේ පිහිටා ඇති විභේද චලනය වීම පිළිබඳ සොයා බැලීම සදහා චන්ද්රියකා ආශ්රිුත ,,GPS, උපකරණ සහිත මධ්යයස්ථාන පිහිටුවිය යුතු බව භූ විද්යා ඥයින් පවසයි.මෙම GPS, උපකරණයක වටිනාකම රුපියල් ලක්ෂ 30 කි.අවම වශයෙන් මෙම උපකරන 4 ක්වත් ලංකාව තුළ පිහිටවීම අත්යවවශ්යෙය.දැනට මෙම උපකරණ එකක්වත් ලංකාවේ නැත.
විභේද චලනය වීම ජලාශ්රියත ප්රූදේශවලට බලපාන්නේ කෙසේද,ජනාකීර්ණ ප්රමධාන නගරවලට ඇතිවන තත්වය කුමක්ද පිළිබඳ GPS,උපකරණය මගින් කල් තියා අධ්යටනය කළ හැකිය. මෙය ඉතා වැදගත් වන්නේ කොළඹ වැනි නගරයක් ආශ්රිඳතව විශාල භූමි කම්පාවක් සිදුවුවහොත් විය හැකි හානිය අති විශාල හෙයිනි.නමුත් අප දැනට භාවිතා කරන භූ කම්පන මාන මගින් ලබා ගන්නා දත්ත මගින් හෙළිදරව් කරගත හැකි වන්නේ භූ කම්පා සිදුවන ආකාරය, එහි විශාලත්වය හා ස්ථානය යන දත්ත පමණි.නමුත් GPS,උපකරණය මගින් විභේද චලනය වීම පිළිබඳව තොරතුරු සොයා ගැනීම තුළින් ඉදිරියේදී භූකම්පා සිදු විය හැකි ස්ථාන පිළිබඳව පවා හෙළිකර ගත හැකිය.
මේ අනුව අපට විද්ය මාන වන්නේ අප දැන් ජිවත් වන්නේ භූකම්පා කලාපයක් තුළ බවයි
ගි්‍රසිෙයන් කියන්නේ ස්ටේජ් ෙෆා්බියා කියලයි.ඒ මානසික ෙරා්ගෙය් නම ස්ෙට්ජ් ෙෆා්බියා හෙවත් ෙව්දිකා බිය.අැත්තටම සබෙකා්ලය කියලා කියන්නෙත් ෙම් බයටමයි ෙම් ෙව්දිකාෙව් බිය තදට තියන අය මංගල ෙපා්වරැෙව්දි කලන්තෙ හැදිලා කඩාගෙන වැටෙනවා ඒතෙකාට ඒවට වෙනෙ වෙන කතා කියනවා ඒ හින්දා ඉදිරිපත් වීෙම් බිය මහා විනාශකාරි සාපරාදි බියක් මංගල ෙපා්වරැෙව්දි ෙදන්නාෙගන් ඒක්කෙනකුටබිය තිබිලා කලන්තෙ හැදිලා වැටුෙනාත් ඒ ෙමාෙහාතෙම අැය ගැන නරකචරිත සහතිකයක් මනුස්සෙයා දෙනවා. අවෙබා්ධයක් නැතිව කරන මෙ සිංහල ජන කතා නිසා මනාලයාෙග් හෝමනාලියෙග් ඒ මංගල යුග දිවිය ඒ තැනින් කැඩිලා පසු කාලෙක වෙන් වුන අවස්ථා පවා තිබෙනවා.
ශ්‍රි ලංකාවට ආයෙත් සුනාමි බලපායිද?
භූවිද්යාඅඥයින් පවසන පරිදි ආසියානු කලාපයෙන් භූ චලන පිළිබඳව අඩුවෙන්ම අසන්නට ලැබුණේ ශ්රීග ලංකාවෙනි.නමුත් එම කතාව කණපිට පෙරළමින් ලංකාව තුළ සහ ඒ අවට සිදුවන භූ චලන ප්ර්මාණය මෑතක සිට වැඩි වී ඇත.එමෙන්ම ලංකාවේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමිකම්පා කලාපය ආශ්රිකතව ඉදිරියේදී මහා පරිමාණ භූමිකම්පාවක් වුවද සිදු වීමේ අවදානම් තත්ත්වය වැඩි වී ඇති බව භූ විද්යාභඥයෝ අනතුරැ හඟවති.
මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා පවසන පරිදි ,, ඉන්දියානු සාගරයේ සිදු වී ඇති විශේෂිත භූකාරක ක්රිියා නිසා ලංකාව තුළත් ලංකාව අවට මුහුදු පතුලේත් විශාල පැලුම් ඇතිවී තිබෙනවා. ඉන්දියානු භූතලයේ උතුරු-දකුණු කොටස් අතර සම්පීඩනය හේතු කොටගෙන ලංකාව තුළ සහ ඊට පිටින් පිහිටි විභේද දිගේ චලනය වීමට උත්සාහ දරනවා. මෙහි ප්රකථිඵලයක් ලෙස ලංකාව තුළත් ඉන් පිටතත් භූමි චලන ඇති වෙනවා. ශ්රීද ලංකාවේ භූ කම්පන කලාපයක් ඇති වීමට හේතුවත් මෙයයි.,,
මේ මස 18 වැනි දින මහනුවර සිට 425km ක් දුරින් පිහිටි මුහුදු පතුලේ රිච්ටර් ඒකක 5.2 ක භූමි කම්පාවක් සිදු විය.මුහුදු පතුලේ සිට 37km ක් ගැඹුරින් මෙම භූමි කම්පාව ඇති වී තිබුණි. හන්තාන මුලික අධ්යමන ආයතනය සදහන් කරන පරිදි මෙම භූමි කම්පාව සිදු වී ඇත්තේද ලංකාවේ බටහිර සිට නැගෙනහිර දෙසට විහිදෙන භූමි කම්පා කලාපය ආශ්රිරතවයි.1980 දශකයෙන් පසු ලංකාව ආශ්රිසතව සිදු වු විශාලතම භූමි කම්පාව මෙය වේ.
රිච්ටර් ඒකක 3ට වඩා අඩු අගයක් ගනු ලබන භූමි කම්පා ක්ෂුද්රට භූමි කම්පා ලෙස හදුන්වනු ලබයි.ලංකාවේ බටහිර සිට නැගෙනහිර දක්වා විහිදෙන භූමි කම්පා කලාපය ආශ්රිමතව, ලංකාව තුළ හෝ ලංකාව ආසන්නයේ මුහුදේ රිච්ටර් පරිමාණ පහක් හෝ හයක් විශාලැති භූමිකම්පාවක් සිදු වීමේ අවදානම් තත්වයක් පවතින බව මහාචාර්ය විල්බට් කෙහෙල් පන්නල මහතා ප්රභකාශ කරයි.
රිච්ටර් ඒකක 5ක් හෝ 6ක් විශාලැති භූමි කම්පාවක් මෙරට භූමිය තුළ සිදු වුචහොත් ගොඩනැගිලිවලට බරපතල ලෙස හානිවීමේ අවදානම ඉතාමත් වැඩිය.එමෙන්ම,රිච්ටර් ඒකක 7 ට වැඩි භූමි කම්පාවක් ලංකාවේ බටහිර සිට නැගෙනහිර දෙසට විහිදෙන භූමි කම්පා කලාපය ආශ්රිවත මුහුදු කලාපයේ අඩු ගැඹුරකින් ඇති වුවහොත් ,,සුනාමි,, තත්වයක් ඇති වීමේ අවදානමක් පවතී.
කදුකර ප්රතදේශ ආශ්රිපතව රිච්ටර් පරිමාණ 5.5 ට වඩා විශාලත්වයකින් යුතු භූමි කම්පාවක් සිදු වුවහොත් කදුකරයේ ජලාශ පද්ධතිවලටද බරපතල ලෙස හානි සිදු විය හැකිය.මින් මිනිස් ජිවිතවලට හානි සිදු වීමේ අවදානම ඉතාමත් වැඩිය.2007 ජුනි මාසයේ දී භූචලන හතරක් සිදු වු තිස්සමහාරාමය ප්රවදේශය ආශ්රිභතව ද ,,ලුණුගම්වෙහෙර ජලාශය,, පිහිටා ඇත. එබැවින්, මෙම ජලාශය පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය.
භූමියේ පිහිටා ඇති විභේද චලනය වීම පිළිබඳ සොයා බැලීම සදහා චන්ද්රියකා ආශ්රිුත ,,GPS, උපකරණ සහිත මධ්යයස්ථාන පිහිටුවිය යුතු බව භූ විද්යා ඥයින් පවසයි.මෙම GPS, උපකරණයක වටිනාකම රුපියල් ලක්ෂ 30 කි.අවම වශයෙන් මෙම උපකරන 4 ක්වත් ලංකාව තුළ පිහිටවීම අත්යවවශ්යෙය.දැනට මෙම උපකරණ එකක්වත් ලංකාවේ නැත.
විභේද චලනය වීම ජලාශ්රියත ප්රූදේශවලට බලපාන්නේ කෙසේද,ජනාකීර්ණ ප්රමධාන නගරවලට ඇතිවන තත්වය කුමක්ද පිළිබඳ GPS,උපකරණය මගින් කල් තියා අධ්යටනය කළ හැකිය. මෙය ඉතා වැදගත් වන්නේ කොළඹ වැනි නගරයක් ආශ්රිඳතව විශාල භූමි කම්පාවක් සිදුවුවහොත් විය හැකි හානිය අති විශාල හෙයිනි.නමුත් අප දැනට භාවිතා කරන භූ කම්පන මාන මගින් ලබා ගන්නා දත්ත මගින් හෙළිදරව් කරගත හැකි වන්නේ භූ කම්පා සිදුවන ආකාරය, එහි විශාලත්වය හා ස්ථානය යන දත්ත පමණි.නමුත් GPS,උපකරණය මගින් විභේද චලනය වීම පිළිබඳව තොරතුරු සොයා ගැනීම තුළින් ඉදිරියේදී භූකම්පා සිදු විය හැකි ස්ථාන පිළිබඳව පවා හෙළිකර ගත හැකිය.
මේ අනුව අපට විද්ය මාන වන්නේ අප දැන් ජිවත් වන්නේ භූකම්පා කලාපයක් තුළ බවයි
ආසිරි වර්ෂාවක්
අද ඉදල අපිත් සාර පවුලක් මෙමු.....
හෙට ඉදල ඔබත් පවුලෙ රැස්විමක් තියල මෙ තීරණයට එමු කියල රටෙ ඉන්න සියලුම මවිවරුන්ගෙන් පියවරුන්ගෙන් හා දරුවන්ගෙන් ඉල්ලා සිටිනව මං.
බොහෙම ස්තුතියි ..........තීරණයක් ගන්න තරමි ඔබට තියන ශක්තියට............අඩුම වශයෙන් සතියකට වතාවක් පවුලේ රැස්විමක් පවත්වල පියාණන්ගෙ සේවය හරියට පවුලට ඉෂ්ඨ වෙනව නමි මවගේ උපරිම සේවය දරුවන්ට ලැබෙනවා.
එහෙම උනෙත් දරුවන්ගෙ අපරිම සේවය මවටත් පියාණන්ටත් හිමි වෙනව මෙහෙම පවුලක් බවට අපි පත් උනොත් අපේ පවුල සාර පවුලක් වෙනව සහතිකයි.
සිරි ලංකාවෙම ඉන්න උත්තරිතරම පියවරුනි.........!
මවිතුමිය උතුමි යුයි කිමෙන් ඔබ මවි තුමියට දෙවෙනි නැත. ඔබයි. සියල්ලටම බලධාරි පියතුමෙකු ලෙසින් ඔබෙන් පවුලට ඉටු විය යුතු සේවය නොපිරිහි ඉටු වුනොත් ඔබට රජ පවුලක් උදාකරගන්ඩ පුලුවන්.
උත්තරිතර පියතුමනි ........!මව කාන්තාවක් පමණි....
සෙනෙහසටවඩා දෙයක් ඇයට පවුලට දිය නොහැක......හොද සිහියෙක් බුද්ධියෙන් සිතා බලා නාමමාතික නොවි ඔබ සැබෑම පියතුමා වෙන්න මුලු පවුලටම !
අ.ව.ස.ර.යි.
ඉරිතැලුණු හදවතට දිරිය දී
ෙදපයින් සිටගන්නට
යවං ෙමන් උණු ෙනාවන
ගලක් ෙමන් තද සිතින්
අත් වැලක් වන්නට මට
පුරා ෙදවසරක්
ජීවිතය කියා දුන්
ජීවිෙත් පන්නරය වූ නුඹ
දැනුම් වැව් දිෙයන් නහවා
සුෙපා්‍ෂිතෙකාට
දයා ගුණ අස්වැන්න
ෙනලා දුන්
ෙසෙනෙහ ෙකත....
සරසන්න කාලයයි..
.ෙක්තුමතිය පුරා සැරිසරා
ෙහම්බත්ව ගිය
මුව ෙපාව්වන් රැසකට
ෙදාරගුළු විවර කර න්නට
අවසරයි......
සැමියා කෝප වූවොත්.. බිරිය බිහිරි වූවාසේ සිටින්න
අඹුසැමි සබඳතාවේ දී දෙපළ ම වඩාත් ම සැලකිලිමත් විය යුතු කාරණයක් වේ. ඒ දෙදෙනා අතර, කෙදිනකවත් දබරයක් ඇති නොවීමට වගබලා ගැනීමය. සැබෑ ලෙසින් ම බැලුවොත් එය විවාහය සම්බන්ධයෙන් දෙදෙනාගේ ම ප්රොබල වගකීමකි. මක්‌නිසාද යත් අඹුසැමි දෙපළ අතර, ගැටුමක් දබරයක් ඇතිවීමෙන් එය පුරුද්දකට යැම නිසාය. දෙදෙනා රණ්‌ඩු කරගතහොත්, එයින් පසුව එය සාමාන්යබ දෙයක් බවට පත්වේ.
වර්තමානයේ ඇතැම් යුවතියන් වර්තමානයේ ජීවත්වන ඇතැම් යුවතියන්, විවාහයේ තිබිය යුතු එම පොරොන්දුව ගැන එතරම් සැලකිලිමත් නො වීමෙන්, දෙදෙනා අතර ක්ර්මයෙන් දුරස් බවක් ඇති කර ගනී. එයට බලපාන එක් හේතුවක් වන්නේ, අද කාලයේ බොහෝ යුවතියන් විවාහ දිවියට ඇතුලත් වන්නේ, රැකියාවක යෙදෙන ස්‌වාධීන ගැහැනුන් ලෙසිනි. එහෙයින් ඇය සිතන්නේ, පිරිමින්ගේ අසාධාරණකම්වලට යටත් විය නොහැකි බවකි. නමුත් සෑම පිරිමියෙකු ම පාහේ ප්රිෝය කරන්නේ, විවාහය තුළ තම අණසක පවත්වාගෙන යැමටය. එහෙයින්, ඔහු කියන කරන දේ හරි හෝ වැරදි හෝ වේවා, එය සනාථකිරීමේ වෑයමක යෙදේ. තනිමතයට කටයුතු කිරීමට පෙළඹේ. බිරිඳකගේ කෝණයෙන් බලද්දී, එය වරදක් බව සැබෑය. නමුත් එම තත්ත්වය නිවැරදි හා වෙනස් කර ගැනීමට ඇය ට සිදුවන්නේ, එය ට එරෙහිව දබරයක් කර ගැනීමෙන් නොව, බුද්ධිමත් ව ඉවසීමෙන් කටයුතු කිරීමෙනි.
අද ගැහැනිය ස්‌වාධීන හෙයින්, ඇය සැමවිටම උත්සාහ කරන්නේ, තම සැමියාගේ යම් යම් ක්රිුයාවන්ට එරෙහි ව දබර කර ගැනීමට ය. නමුත්, යම් බිරිඳක් තම සැමියා සමඟ දබරයක් ඇති කර ගැනීමෙන් පසුව හැඟෙන්නේ, තම ජීවිතය තුළ ප්රැබල හිස්‌බවක් තිබෙන බවකි. එය එක්‌තරා අන්දමකින් පරාජිත හැඟීමකි.
"එයා වැඩ කරන්නේ එයාට ඕන විදියටනේ. මං ඕව ට කතාකරන්න යන්නේ නෑ. කවදා හරි තනිමතය ට වැඩ කරලා මට්‌ටුවෙයිනේ."
අඹුසැමියන් අතර මත ගැටුම් ඇති වූ විට දී, බොහෝ බිරියන් සිතන්නේ, එලෙසිනි. නමුත්, එසේ සිතීමෙන් අදහස් කෙරෙන්නේ, දෙදෙනා අතර යම් දුරස්‌වීමක් හටගෙන ඇති බවකි. අඹුසැමි දෙපළ අතර මත ගැටුමක් දබරයක් ඇති නො විය යුතු සේම, එලෙසින් දෙදෙනා අතර දුරස්‌වීමක් තිබීම ද තේරුමක් නොවේ.කතාබහ කර ගැනීමෙන්
හිතුවක්‌කාරකමින් හෝ බිරිඳට බොහෝ දේ නො පවසමින් සැමියා කටයුතු කිරිමෙන් සිදුවන්නේ, ඇය ට විවාහය හුදකලාවීමක් සේ හැඟීමය. සැමියා තමා සමඟ දබර කර ගැනීමක ට නිබඳව ම පෙළඹෙද්දී හෝ තමාගේ මතය ම ක්රියාවට නැගීමට උත්සාහ කරද්දී, බිරිඳක් එය දකින්නේ, සැමියා තමාට ආදරය නො කරන බවකි. ඔහුට තමාව නො වටිනා බවකි. එහි ප්රනතිඵලය වන්නේ, එම විවාහය දෙදෙනාට ම නො දැනීම යම් දුරස්‌වීමකට පත්වීමය.
එහෙයින්, එම තත්ත්වය ට විවාහයක් පත්කර ගැනීමේ අරුතක් නො වන අතර, දබරයක් ඇතිවීමට බලපාන කරුණු, දෙදෙනා විසින් ම අධ්යායනය කළ යුතුය. දෙදෙනා අතර යම් ප්ර බල දබරයක් ඇති වුවහොත්, දෙදෙනා විසින් ම , එය හටගත්තේ කෙසේ ද යන්න ගැන ගැඹුරින් සිතා බැලීම වටී. ඒ සමඟ ම එම තත්ත්වය වලක්‌වා ගැනීමට කළ යුතු ව තිබූ දෙය සිතා බැලිය යුතුවේ.බොහෝ අවස්‌ථාවල දී
අඹුසැමි දෙපළක් අතර දබරයක් හටගන්නේ, සැමියා යම් දොසක් කී විට දී, බිරිඳ එයට ප්ර ති පිළිතුරු දීමට යැම හෝ එකින් එක කීමට යැම නිසාය. නමුත්, සෑම බිරිඳක ම වටහාගත යුතු දේ වන්නේ, පිරිමින් එය අනුමත නො කරන බවකි. ඔහු එය දකින්නේ, තමාගේ පිරිමිකමට හානියක් සේ ය. එහෙයින්, බිරිඳගේ එම හැසිරීම ට ඉඩ නොදිය යුතුය යන්නය. එම හැඟීම මත, ඔහු තම බිරිඳ ව පරාජය ට පත්කිරීමට උත්සාහ කරන අතර, ඒ සඳහා විවිධ උපක්ර ම ද භාවිත කරයි.වඩාත් කදිම දේ දබරකර ගැනීමකින් තොරව පවුල්කෑමට නම් ඔබ කළ යුත්තේ, සැමියා කෝපයට පත් වූ විට බිරිඳ ලෙසින් ඔබ නිහඬවීමේ ප්රිතිපත්තියක් අනුගමනය කිරීමය. මන්ද, අඹුසැමි දෙපළ ම එකවර කෝපයට පත්වීම වරදකි. එයින් සිදුවන්නේ, අනවශ්යත දබරයක් ඇතිවීමය. එමෙන් ම , එය ප්රපබල සිත් වේදනාවක් සේම, දුරස්‌වීමකට ද හේතුවකි. සැමවිට ම පවුලේ අනවශ්යන මතභේද වලක්‌වා ගැනීමේ වගකීම, බිරිඳකට පැවරේ. එහෙයින්, සැමියා යම් දෙයකට කෝපයට පත්වීම හෝ ඔබේ වරදක් පෙන්නුම් කරද්දී, නිහඬවීමෙන්, ඔබ එම වරද පිළිගත් බවක් ඔහුට ඒත්තු ගැන්වේ. සැබවින් ම එය පරාජයවීමක් නොව, දිනීමකි. මන්ද එසේ කිරීමෙන් ඔබේ පවුලේ සමගිය හා සාමය රැකේ. එය සෑම බිරිඳක අතින් ම සිදුවිය යුත්තකි. සාමාන්යීයෙන් පිරිමින් ඉක්‌මන් කෝපකාරයන්වීමට හැකි හෙයින්, බිරිඳක් සැමවිටම ක්රියයාකළ යුත්තේ, සැමියාගේ කෝපය නිවන්නිය සේ ය. එසේ නොමැති ව ඇය ද ඔහුට එරෙහි ව, කැත්තට පොල්ල වීමට ගියහොත්, එය පවුල් විනාශවීමකි.
නමුත්, ඔබ නොකළ වරදකට බැනුම් ඇසිය යුතු ද නොවේ. ඒ සඳහා කළ යුත්තේ, ඔහු සන්සුන්ව සිටියදී, ඔහුගේ හැසිරීම් රටාවේ වැරදි බව හා ඔහු තමා ඉදිරියේ හැසිරිය යුතු නිවැරදි ක්රකමය වටහාදිමය. එවිට ඔහු සියුම්ව ලැඡ්ජාවට පත්වේ. තමාගේ වරද ඔබ ඉදිරියේ නොපිළිගත්ත ද , රහසේ ම වරද ඒත්තු ගනී. එය සැමවිටම ඔබේ වාසියට හේතුවේ.එමෙන්ම, ඔහු සන්සුන්ව සිටියදී, ඔහුගේ හැසීරිම සම්බන්ධයෙන් ඔබ ප්රිවය කරන තාලය පිළිබඳ ව, ඔහු ව දැනුවත්කිරීම වටී. එවිට ඔහු ඔබේ එම අදහස් තම සිතට ගනී. ඔහුගේ සිතේ ඔබ කෙරෙහි වූ ආදරය ද එයින් වැඩිවේ. එය අඹුසැමි සතුට වර්ධනය කරන්නකි.
එසේ නොමැතිව, සැමියා කෝපවන තරමට ම, බිරිඳක ලෙසින් ඔබ ද කෝපයට පත් වූවොත්, එය සහමුළින්ම විවාහය අසුන්දරත්වය කරා ගමන් කරවීමකි.
Subscribe to:
Posts (Atom)