ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Tuesday, April 26, 2011

ලංකාවේ ජාතික උද්‍යාන



සිංහරාජ වනාන්තරය
සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක්වී ඇති අතර යුනෙස්කෝව විසින්ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවිය ලෙසට නම් කොට ඇත.                       


 ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන්නාවු ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාවය හේතුවෙන් වාණිජකරණයට ලක්වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේදී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙසද, 1988 වස‌‍රේදී ‍ලෝක උරුමයක් ‍ලෙසද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍ෙය් “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.
      රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුවද
tය ශාක විශේෂ මෙන්ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
    ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහිදී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහිදී අැලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලවම දැකිය හැකි විශාලතම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
     එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීමයි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙසද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිතය.

   සිංහරාජ රක්ෂිතය ශ්‍රී ලංකාව සතු ජාතික උද්‍යානයකි .tය සතුව ජාත්‍යන්තර වැදගත්කමක් පවතින අතරම ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් සහ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මගින්ද ප‍්‍රකාශයට පත්කර ඇත.ශ්‍රී ලංකාවේ පහත රට වැසි වනාන්තර කලාපයට අයත් කඳු සහිත වැසි වනාන්තරයක් වන මෙය සීඝ‍්‍ර ලෙස සිදුවන වාණිජකරනයෙන් සහ එහි අනිසි බලපෑම් වලින් ආරක්ෂා කරගනු වස් ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් ලෙස 1978 දීද ”සිංහරාජය” යන නමින් ලෝක උරුමයක් ලෙස 1988 දීද ප‍්‍රකාශයට පත් කරන ලදී.
                මෙම වෙන්කල ප‍්‍රදේශය නැගෙනහිර දෙස සිට බටහිර දෙසට කිලෝමීටර 21 ක් පමනද උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම වශයෙන් කිලෝමීටර 7 ක් පමනද වන වපසරියකි. නමුත් ලංකාවට ආවේනික බොහෝමයක් ශාක, කෘමී, උභයජීවී, උරග, පක්ෂි සහ ක්ෂීරපායී විශේෂයන්ට මෙය සැඟවුනු නිධානයක් බඳුය.
         මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අදික සහ ඝනව වැවුනු වෘක්ෂලතා ගහනය නිසාම ‘යාල’ වැනි අනෙකුත් වියලි කලාපීය ජාතික වන උද්‍යාන වල දැකිය හැකි තරමේ සත්ව ගහනයක් පහසුවෙන් දැකගත නොහැකි වීමය. ‘අලි’ වැනි විශාල ක්ෂීරපායී සතුන් මෙහි දක්නට නොලැබෙන අතර ‘දිවියන්’ 15 ක් පමන කලාතුරකින් දැකගත හැක. එසේම මෙහි බහුලවම දැකිය හැකි ක්ෂීරපායී සත්වයකු ලෙස ලංකාවට ආවේණික සත්ව විශේෂයක්ද වන දම් මුහුනැති රිලවා හැඳින්විය හැක.








 
යාල ජාතික උද්‍යානය


  ශ්‍රි ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යායන දෙකෙන් එකකි. යාල වානෝ්‍යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්‍රකටම වනෝ්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ශ්‍රි ලංකාවෙ මෙම වනෝද්‍යනනය ඉතා හොදින් ප්‍රකටව පවති. යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්යය ජාතිකයන්ගේ දඩයම් බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් උසස් කරන ලදි. පසුව ඉතිරි කලාප හතර ද යාල වානෝද්්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත්කරනු ලැබිය. උද්‍යානය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක් ද වෙයි.


   යාල ජාතික උද්‍යානය ශ්‍රි ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානයයි. එය ර‍ෙට් ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. උද්යාදනය කොළඹ සිට එනම් ශ්‍රි ලංකාවේ අග නගරයේ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇත. යාල ශ්‍රිට ලංකාවේ ඌව සහ දකුණු නම් වූ පළාත් දෙකකට අයත් වේ. උද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.
    යාල වනෝද්‍යා නයේ වෙරළ බඩ නැගී සිටින ගල් කුලක්
       යාල ජාතික වනෝද්‍යානය  ශ්‍රි ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි පරිමාණයක පැතිර ඇති පර ප්‍රධානම ජාතික වනෝද්‍යානයකි.ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්ෂිතය වර්ග ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි.
    රක්ෂිතයෙන් වැඩිපරවර ප්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතින මුත් මෙය වනභූමි වෙරලාශ්‍රිත ප්‍රදෙසකි දේශීය, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ පර. භමාණයකට වාස භූමිය සපයයි.
            යාල රක්ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාත්‍රි වයේ හැසිරෙන විශාල ප්‍රමාණයේ මාංශභක්ශක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල පරරී මාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්යාකනයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.
     2004 දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි උවදුරින් වනජීවී සංරක්ෂගණ මධ්ය ස්ථානය සහ සංරාචක බංගලාව විනාශ වී ගිය අතර ජීවිත හානිද සිදු විය.සිදු වූ ජීවිත හානි අතර සංරාචක බංගලාවේ සේවකයින් සහ විදේශිකයින්ද වූහ. මෙහිදී සත්ව ජීවිත විශාල වශයෙන් විනාශ නොවීමට හේතුව සුනාමි රළ පැමිණෙන බවට සංවේදන ගරින්හණය කර ගත් සත්වයින් උස් භූමි පෙදෙස් වලට පලා යාමයි.පසුව යාල වනෝද්‍යයා නය නැවත විවෘත කරනු ලැබීය.


 ජාතික නාමල් උයන
දඹුල්ල ගල්කිරියාගම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘතය ක්‍රිස්තු පුර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි.
        අනුරාධපුර යුගයේ පෞරාණික නටඹුන් රුසක් පවතින මෙහි බෝධිඝර,පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදියෙන් සමන්විතයි. වසර කෝටි 50ක් පැරණි ශාක පොසිල රැසක් හා වසර 2000ක් පමණ පැරණි ඉතිහාසයකින් නාමල් උයන සතුය.ක්රියස්තු වර්ෂ 924 දී ශ්‍රි ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වු අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල
මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් වේ.නා මලඅක්කර 760 කින් සමන්විත ජාතික නාමල් උයනේ පරිසර
   පද්ධති රැසක් දක්නට ලැබෙයි.ශ්‍රි ලංකාවේ එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇති ස්ථානයද මෙය වේ.මෙහි ප්‍රමුඛතම ශාකය නා වන අතර බටු නා, දිය නා ආදි විශේෂයන්ද ඇත.
       ශ්‍රි ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කළ නාගසට අමතරව නාමල් උයන තුළ හල්මිල්ල ,කළුවර ,මිල්ල ආදි ශාක රැසක්ද දක්නට ලැබෙයි.අපේ රටට ආවේනිකවු හා ආවේනික නොවු පක්ෂි වර්ග 18ක් ඇති බවත් ඖෂධීය ශාක විශේෂ 72ක් කෘමි විශේෂ 75ක් ඇති බවත් පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.
           පුරා විද්‍යාක රක්ෂිතයක්ද වන නාමල් උයන කරුණු 5ක් යටතේ පුරා විද්‍යාත්මක අතින් වැදගත් වේ.ජාතික නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන රෝස තිරිවාන නිධියක්ද පවති.මෙය දකුණු ආසි‍යාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ලෙසද හැදින්වේ.තිරිවාන නිධිය තුළ "ආගනේය "නම් පාෂාණ විශේෂය ඇති බවත් පර්යේෂණ මගින් සනාථ ක‍රගෙන ඇත.
             පුරා විද්‍යායාතගවේෂකයෙකු වන බන්දු වීර‍වර්ධන මහතා 2002 ජනවාරි මස දී වසර කෝටි 25ක් පැරණි ශාක පොසිල ඇති බව ජාතික නාමල් උයනේ තුළ කළ පර්යේෂණ වලින් තහවරු කර ගෙන ඇත. ඔහුගේ නිගමනයට අනුව මෙහි අක්කර 20ක භුමි භාගයක පොසිල විසිර තිබේ.පුරා විද්යාතත්මක අධ්‍යාපනික හා පාරිසරික වටිනාකමකිකන් යුතු ජාතික නාමල් උයනේ සුවිශේෂ පස් වර්ග 3 ක්ද ඇති බව පර්යේෂණ වලින් තහවරු වී ඇත.
          නාමල් උයනේ අසිරිය වැඩි කරනුයේ රෝස තිරිවාන නිධිය නිසාය.මෙය අක්කර 250ක් පමණ පෙදෙසක විසිර ඇත.පුරා විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව රෝස තිරිවාන වලින් නිපැයු පබළු හමුවී ඇති අතර මෝගල් අධිරාජ්යයාගේ පෙමිවතිය සිහිවීම සඳහා ඉදි කළ ටජ් මහල් මන්දිරයේ ජනේල අලංකාර කිරිමටද රෝස තිරිවාන යොදාගෙන ඇති බව සනාථ වී ඇත. පරිගණක අමතර කොටස් සඳහා හා වාහන වල වින්ඩිස්ක්රී න් සඳහාත් රෝස තිරිවාන යොදා ගැනේ.
         සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන මේ වනවිට ජනාධිපති පරිසර සම්මානලාභී වනවාසී රාහුල හිමියන්ගේ භාරකාරත්වයෙන් පවතී.උන්වහන්සේ නාමල් උයන සංරක්ෂණය කර වීමට දක්වන මෙහෙය පරිසර හිතකාමීන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත.





කවුඩුල්ල ජාතික උද්‍යානය






 භුම් ප්‍රමාණයෙන් 2/3 ක් මුළුමනින්ම පාහේ වසරේ මාස කිහිපයක් ජලයෙන් වටවී පවතින ශ්‍රි ලංකාවේ එකම ජාතික උද්‍යානය ලෙස කවුඩුල්ල ජාතික උද්‍යානය හැඳින්විය හැකිය. උද්‍යානය මෙම නමින් හැඳින්වීමට මූලික හේතුව වූයේ කවුඩුල්ල ජලාශය අගනා කුරැළු සම්පතක හිමිකාරීත්වය පිළිබඳ සුවිශේෂත්වයක් ලබන හෙයිනි. එසේම අලි, කිඔුලන් ඇතුළු සත්ව විශේෂ රාශියකට වාසස්ථාන සපයයි.
           කවුඩුල්ල ජාතික උද්‍යායනය ආශ්‍රිතයද දැකුම්කළු කවුඩුල්ල ජලාශය රටේ කෘෂිකර්මය පදනම් කරගත් සංස්කෘතික සම්ප්‍රදාය සහ එහි ස්වාභාවික සම්පත් එකට සම්මිශ්‍රණය වු ශ්‍රි ලංකාවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයෙහි ගෞරවනීය අංගයකි. අක්කර අඩි 104,000 ධාරිතාවයකින් යුතු කවුඩුල්ල ජලාශය ක්‍රි.ව 3 වන සියවසේදී ඉදිකරනු ලැබූ කීර්තිමත් මහසෙන් රජුගේ සොහොයුරියක් විසින් ඉදිකර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
       විශාල සහ පුළුල්ව පැතිරුණ ජල පෝෂක ප්‍රදේශයක් මෙම ජලාශය සතුවන අතර සැලකිය යුතු අලි ගහණයක් සහ සාරවත් ජෛව විවිධත්වයක පැවැත්මට උපකාරී වේ. කවුඩුල්ල ජාතික උද්‍යානය උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර සිංහල පත්තුවේ මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ  ෙප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අයත්ය. උතුරු දකුණු දිශාව ඔස්සේ විහිදී ඇති මීටර් 60-500 උසකින් යුතු කඳු පන්තිය උද්‍යානයේ බටහිර මායිමට යාබදව පිහිටා ඇත.කවුඩුල්ල ජලාශය සහ කටුපඳුරු සහිත ලඳු කැලෑව උද්‍යානයේ නැගෙනහිර දෙසට විහිදී ඇති අතර යෝධ ඇළ දකුණු මායිමේ සිට අතුරු මායිම දක්වා ගලා ගෙස් කන්තලෙන් ඔබ්බට ගමන් අරඔයි. උද්‍යානයට 1500 mm -2000 mm වාර්ශික වර්ෂාපතනයක් ලැබෙන අතර වැඩි වර්ෂාපතනයක් ලැබෙනුයේ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ඇදහැලෙන ඊසාන දිග මෝසමෙනි. මේ නිසා අප්‍රේල් සිට ඔක්තෝම්බර් දත්වා වියළි තාලගුණයත් පවති.
            කවුඩුල්ල ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ වියළි කාලාපයේ අලි විශාල රංචු වශයෙන් tක් රැස්වන වියළි කාලාපයේ හදවත බඳු වු අලින්ගේ වාසභුයේ ය.මේ නිසා කවුඩුල්ල ජාතික උද්‍යානය වසර පුරාම අලි ඇතුන් දැකබලා ගැනිමට හැකි ශ්‍රි ලංකාවේ අගනා ස්වභාවික වාසස්ථාන අතරින් ඵකක් වේ.ආහාර හා ඡලය පැවතිම නිසා කවුඩුල්ල ජාතික උද්‍යානය වසර පුරාම ව්ශේෂයෙන්ම වියළි කාලයේ අලි ඇතුන්ගේ වාසටයට මනා පරිසරයක් උදාතර දේ.
            නානාවිද තෘණ ව්ශේෂ වලින් යුතු වු ද,තෙත් සමයේ මල්බර වන සාරවත් තුරුලතා, ගෝනා,තිත් මුවා, මීමින්නා සහ වල්ඌරා වැනි ශාක භක්ෂික සතුන් බොහොමයනට අනර්ඝ වාසස්ථාන සහ ආහාර සපයා දේ. එසේම දිවියන් සහ වලසුන් වැනි දුර්ලභ සතුන් මෙම උද්‍යානය තුළ දැකගත හැකිය.
                කවුඩුල්ල ජාතික උද්‍යානයේ කිඹුලන් පහසුවෙන් දැකබලා ගත හැකි මෙම කලාපයේ පිහිටි වැදගත් ස්ථානයකි.උද්‍යානය තුළ ඒ හරහා ගමන් කරන පෞරාණික ඇළ මාර්ගයක් සහ කුඩා දූපත් සමූහයකින් යුතු අගනා දියපාරවල් කීපයක් පැවතීම තුළින් කවුඩුල්ල ජලාශය සහ ඊට යාබද තෙත් බිම් තුළ මනා ආකර්ශනයක් දැකගත හැකිය.මන්ද යත් විවිධත්වයෙන් අනූන දේශීය හා විදේශීය පක්ෂිය විශේෂ රාශියක් ඒ වෙත ඇදී ඒමයි. ඒ අතර දියකාවා,අළු කොකා,ලතුවැකියා සහ ආසියානු විවර තුඩුවා පහසුවෙන් දැකගත හැකිය.
           උද්‍යානයේ පවතින ශාක ප්‍රජාව වියළි සදාහරිත වනාන්තර වලට අයත් වේ. කුඹුක්, පළු, වීර, මයිල සහ මාදම් වැනි ශාක දැකගත හැකිය.ඇළ මාර්ග සහ දිය පාරවල් දෙපස ඉවුරු නිල්වන් පරිණත ගංගා ආශ්රිවත වනාන්තර පෝෂණය කරයි.
   හෙක්ටහාර 6900 න් යුතු කවුඩුල්ල ජාතික උද්‍යානය කළමනාකරණය කරනු ලබන්නේ වනඡිවි සංරක්ෂණ දෙපාර්තමෙන්තුව මඟනි.ඵය 2002 අප්රේලල් මස 01 වන දින ජාතික උද්‍යානයක් ලෙස නම්කර ඇති අතර වර්තමාතයේ ශ්‍රි ලංකාවේ රක්ෂිත ප්‍රරම දේශ ඡාලයට අයත් වැදගත් ප්‍රදේශයකි.එහි ඡෛව විවිධත්වය සහ ඡල විද්‍යාත්මක ලක්ෂණ සංරක්ෂණයේ මුලික අභිප්‍රාය විය. සත්ත්ව සහ ශාක සංරක්ෂදණය පනත යටතේ උද්‍යානය නම් කර ඇත.







2 comments:

  1. Great idea about our presious nature....❤️

    ReplyDelete
  2. ඔබට බොහොමත්ම ස්තූතියි ශ්‍රීරී ලංකාවේ වනාන්තර රැකගැනීම අරමුනු කරගත් මා ඒ සදහා ඔබගේ මෙම තොරතුරු පිටුවහලක් කර ගත්තෙමි...අමිල සදුන් ලක්මාල් .ගාල්ල.2019 A\L

    ReplyDelete